493ss_thinkstock_rf_avocado

එය සරලයි හරිතයි
අලිගැටපේර වර්තමානයේ ජනතාව අතර ආදරයට පාත්‍ර වූ අලුත්ම හා ප්‍රියතම පලතුර ලෙස හඳුන්වනු ලැබේ. අලිගැට පේර වල, ජනප්‍රියත්වයට හොඳ හේතුවක් තිබේ. ඒවා රසවත් නිසා පමණක් නොවේ, ඊට අමතරව ඒවා ඔබව සෞඛ්‍යාරක්ෂිතව තැබීමට හැකි විටමින්, ඛනිජ සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථයන් ගෙන් වලින් පිරී ඇත.

493ss_thinkstock_rf_avocado_and_banana_on_scale

කෙසෙල් ගෙඩි වලට වඩා හොඳයි
ඔබේ සිරුර සමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීමට පොටෑසියම් අවශ්‍ය වේ. උදාහරණයක් වශයෙන්, එය ඔබගේ හදවතේ ස්පන්දනය ස්ථාවරව තබාගැනීමට උපකාර කරයි. බොහෝ දෙනෙකු මේ පෝෂකය ගැන සිතන විට කෙසෙල් ගැන සිතති. එහෙත් අලිගැට පේර හැම අතින්ම වඩාත් හොඳයි.

493ss_thinkstock_rf_closeup_of_eye

ඔබේ ඇස් ආරක්ෂා කරයි
අලිගැටපේරවල ඔබේ දෘෂ්ටියට හානිකර විය හැකි ආලෝක තරංග උරාගත හැකි lutein සහ zeaxanthin ඇත. ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ආහාර ගන්නා අය අතර වයස් ගතවන විට අන්ධභාවයට ප්‍රධාන හේතුවක් වන ඇසෙහි දෘෂ්ටිවිතානයේ macula නම් කොටස හානියට පත්වීම අඩුය. අලිගැටපේරවල ප්‍රතිඔක්සිකාරක වලින් බොහොමයක් අඳුරු කොළපැහැති පොත්තට යට ඇති මාංශමය කොටසේ ඇති බව සොයාගෙන ඇත.

493ss_thinkstock_rf_guacamole

බර අඩු කරගැනීමට උදව් කරයි
අලිගැටපේර කෝප්ප භාගයක කෙඳි ග්‍රෑම් හයක් පමණ ඇත. එය ඔබගේ දෛනික කෙඳි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් පමණ වේ. කෙඳි වලින් ඔබට බඩ පිරී ඇති බවක් දැනේ, එබැවින් ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම වළකයි. අලිගැටපේරවල මේදය අධික වුවද, එවා වැඩි වශයෙන් සෞඛ්‍ය සම්පන්න බහු සංතෘප්ත මේදය වේ. පර්යේෂණයෙන් සොයාගෙන ඇත්තේ මෙම මේද වර්ගය ඔබේ ඉඟටිය සිහින්ව තබා ගැනීමට උපකාර වන බවයි. චිකන් සලාදයක් වෙනුවට පෙති කපන ලද අලිගැටපේර සමඟ තම්බපු කඩල සලාදයක් ආහාරයට ගන්න.

493ss_thinkstock_rf_woman_relaxing

ඔබේ මනෝභාවය යහපත්ව පවත්වා ගන්න
අලිගැටපේර පෙති කෝප්පයක් තුළ ෆෝලේට් මයික්‍රෝ ග්‍රෑම් 118 ක් පමණ ඇත. වැඩිහිටියන් ගේ දෛනික අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් පමණ වේ. බී විටමින් ප්‍රමාණවත් නොලැබෙන පුද්ගලයින්ට මානසික අවපීඩනයට ලක් වීමට වඩා හේතුවක් වන අතර, ප්‍රති-අවපීඩන ඖෂධවලට හොඳින් ප්‍රතිචාර නොදැක්වීමට හේතු වනු ඇත. ආබාධ සහිත දරු උපත් වළක්වා ගැනීම සඳහා ෆෝලේට් ද කාර්යභාරයක් ඉටු කරයි. එනිසා ගර්භනී හා නව මව්වරුන්ට ලබාගැනීමට දිරිමත් කරනු ලැබේ.

493ss_thinkstock_rf_avocado_b_vitamins

ඔබව ශක්තිමත් කරයි
මෙම හරිත පැහැ මැණික් වල තයමින් (B1), රයිබෝෆේවින් (B2) සහ නයසින් (B3) ඇතුළු අනෙකුත් B විටමින් වර්ග බොහොමයක් අන්තර්ගතව තිබේ. මේවා ඔබ ගන්නා ආහාර ශක්තිය බවට හරවයි. අලිගැටපේර විශේෂයෙන් නයසින් වලින් පොහොසත් වේ. ශරීරය තුල ඇතිවන ප්‍රදාහ හා ධමනි ආරක්ෂා කර ගැනීමටත් කොලෙස්ටරෝල් සහ ට්රයිග්ලිසරයිඩ් මට්ටම් නිසි පරිදි පවත්වා ගැනීමටත් හැකිය.

493ss_thinkstock_rf_cholesterol_test

ඔබේ හදවතට හොඳයි
ඔබේ රුධිර වාහිනි ගැන ඇමෙරිකානු හෘද සංගමය පවසන අන්දමට, ඔබ අනුභව කල යුත්තේ රතු මස් සහ කිරි ආහාර වැනි ආහාරවල ඇති සංතෘප්ත මේදවලට වඩා, අලිගැට පේර වලත් ඇති අසංතෘප්ත මේදය බවයි. කලින් කල පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ අලිගැටපේර විශේෂයෙන් “නරක” කොලෙස්ටරෝල්, ට්රයිග්ලිසරයිඩ සහ රුධිර පීඩනය අඩු කරන බවයි.

493ss_thinkstock_rf_brain_activity

ඔබේ මොළය සුරකින්න
අලිගැටපේර ඇල්සයිමර් රෝගයෙන් ආරක්ෂා වීමට සහ ඔබගේ මතකයේ හා චින්තන කුසලතා මන්දගාමීව පහත වැටීම වැළැක්වීමට උපකාර වන විටමින් E හොඳ මත්‍රාවක් ලබදෙයි. විටමින් ඊ ප්‍රතිඔක්සිකාරක ගුණය සමඟ මෙය සිදු විය හැකිය. එමෙන්ම දූෂණය හා විකිරණ මගින් සිදුවන සෛල හානි වැළැක්වීමට උදව් විය හැක.

493ss_thinkstock_rf_avocado_salad

ඇටකටු ශක්තිමත් කරයි
සාමාන්‍යයෙන්, මිනිසුන් වරකට අර්ධ අලිගැට පේර ගෙඩියක් කන්නේ නම්, එය වැඩිහිටියෙකුගේ දිනපතා විටමින් K අවශ්‍යතාවයෙන් 15% ක් ලබා දෙයි. මෙම පෝෂකයට අස්ථි ඝනත්වය වැඩි දියුණු කිරීම සහ කැඩී බිඳී යාම වැළැක්විය හැක. අස්ථි සෞඛ්‍යය සඳහා විටමින් K සහ, තවත් අත්‍යවශ්‍ය පෝෂකයක් වන විටමින් ඩී සඳහා අලිගැට පේර කෑලි, ටූනා හෝ බිත්තර, නිවිති සලාදයක් සමග ආහාරයට ගන්න.

493ss_thinkstock_rf_blood_sugar_test

සෞඛ්ය සම්පන්න රුධිර සීනි
අලිගැටපේර සීනිවලින් අඩු නිසා හා සෞඛ්‍යය සම්පන්න මේදය හා කෙඳි ඇති නිසා, දියවැඩියාව තිබෙන අයට ගුණදායකයි. ඔබට දැන් එය නොමැති නම්, අනාගතය පිලිබඳව කනස්සල්ලට පත්ව සිටී නම්, මෙය හොඳ ආරංචියකි. ශාක පදනම් වූ ආහාර (අලිගැට පේර) වලින් දියවැඩියාව හැදීම 20% කින් පමණ වැළැක්විය හැකි බව, වසර 20 ක් තිස්සේ මිනිසුන් 200,000 ක් යොදා හාවර්ඩ් වලදී කල පර්යේෂණවලින් සොයාගෙන තිබේ .

493ss_thinkstock_rf_mature_woman_looking_in_mirror

සම සුරැකුම
ඔබ එය අනුභව කලත්, මූනේ ගෑවත්, අලිගැටපේර ඔබේ සමට හොඳය. විටමින් C වැනි ප්‍රතිඔක්සිකාරක, සම රැලි ගැසීම වළකා ඔබේ සමට යොවුන් පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ. ඔබේ ඇස් ආරක්ෂා කරන පෝෂ්‍ය පදාර්ථ, ඔබේ සම ද UV කිරණ හානි වලින් ආරක්ෂා කරයි. අලිගැටපේර පේස්ට්, තුවාල සුව කිරීම සඳහා උදව් විය හැක.

493ss_thinkstock_rf_lab_test

පිළිකා වලට එරෙහිව සටන් කරයි
අලිගැටපේර වල ඇති ඔලීලික් අම්ලය, බහු-අසංතෘප්ත මේද අම්ලයක් වන අතර, (ඔලිව් වල සහ ඔලිව් තෙල් වලද ඇත) පියයුරු පිළිකාවක් ඇතිවීමට ඉඩ අවම කරන බව කාන්තාවන් 4,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් යොදා කරන ලද අධ්‍යයනය කින් හෙලි කර ඇත. තවද, ඇවොකේටින් B නම් අලිගැට පේර වල ඇති සංයුතියක් ලියුකීමියා සෛල විනාශ කරයි. අලිගැටපේර ලෙල්ලේ ප්‍රයෝජනවත් යමක් ඇත්දැයි විද්‍යාඥයන් සොයා බලයි.

493ss_sciencesource_rm_enlarged_prostate

පුරස්ථිනය වැඩි දියුණු කරයි
අලිගැටපේර වල ඇති Beta-sitosterol, ශාක වර්ගයේ ස්ටීරොල් වර්ගයක් වන අතර, එයින් පුරඃස්ථ ග්‍රන්ථිය විශාලවීමේ රෝග ලක්ෂණ අඩු කර ගත හැකිය. (එය “නරක” LDL කොලෙස්ටරෝල් අවශෝෂණය කර ගැනීමට උපකාර වන phytonutrients පවුලේ රසායනිකයකි) අලිගැටපේර වල ඇති phytonutrients ඊලඟ phytonutrients පොහොසත්ම පළතුරු ප්‍රභවය වන දොඩම් මෙන් හතර ගුණයක් වැඩිය.

493ss_thinkstock_rf_watermelon_avocado_salad

කණ්ඩායම් ක්‍රීඩකයා
විටමින් A, D, E සහ K සහ ප්‍රතිඔක්සිකාරක ලයිකොපීන් වැනි ඇතැම් පෝෂ්‍ය පදාර්ථ මේදයේ දිය වේ. එයින් අදහස් වන්නේ ඒවා මේදය සමඟ ආහාරයට ගන්නා විට වැඩි ප්‍රමාණයක් උරාගන්නා බවයි. අලිගැට පේර තක්කාලි සමඟ රසවත් රසයක් ඇති කොමඩු, හෝ කැන්ටලූප් සමග ආහරයට ගන්න.

Source – https://www.webmd.com/diet/ss/slideshow-avocados-health-benefitsecd=wnl_spr_041318_REMAIL&ctr=wnl-spr-041318-REMAIL_nsl-ld-stry_1&mb=46e9lRWK17WTrbgtFtDDi5AyWFWqf9PLIOyE4OVcvuA%3d