ඔබට සෞඛ්ය සම්පන්න ජීවිතයක් සඳහා අවශ්‍ය නිදාගන්නා ඉරියව් නවයක්

අප හැමෝටම නින්ද අවශ්‍යයි. අපි හැමෝම නිදාගැනීමට කැමතියි, ඒ වගේම අප වැඩි දෙනෙකුට සිතෙන්නේ අපට ප්‍රමාණවත් නින්දක් නොලැබෙන බවයි. සැම රාත්‍රියකම ප්‍රමාණවත්, සුවදායක නින්දක් ලබාගැනීම වැදගත් දෙයක්. නමුත් ඔබ නිදා ගන්නා ඉරියව්ව ද ඒ තරමටම වැදගත්. සමහර විට ඔබ විශ්වාස නොකරාවි ඔබ නිදාගන්නා ආකාරය ඔබේ සෞඛ්යයට බලපෑම් කළ හැකි බව.

අප ශරීරික යෝග්‍යතාවය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා නිතිපතා පෝෂණය, ව්‍යායාම සහ යහපත් සෞඛ්‍ය පුරුදු වගේ දේවල් ගැන අවධානය යොමු කරනවා. ඒත් මේ සියල්ල වැරදි නිදාගැනීමේ ඉරියව් නිසා අපතේ යන බව වටහා ගැනීමට අප සමත් වෙලා නැහැ.
සාමාන්‍යයෙන් මිනිසකු සිය මුලු ජීවිත කාලයෙන් වසර විසිපහක් පමන කාලයක් ගත කරන්නේ නිදාගැනීම සඳහායි. අප වටහාගෙන තිබෙනවා, ශරීරය ප්‍රකෘතිමත් කිරීමටත්, පෙරදින වැයවූ ශක්තිය නැවත ලබාගෙන, නැවුම් බවකින් යුක්තව එදිනදා වැඩ කටයුතුවල නියැලීමටත් අපට සුව නින්දක් අවශ්‍ය බව.
සාමාන්‍යයෙන් වැඩිහිටි අයෙකුට දිනපතා පැය හතත් නවයත් අතර කාලයක රාත්‍රී නින්දක් අවශ්‍යයි. යථාර්ථය නම් අපට නින්ද අවශ්‍ය වන්නේ ඇයි දැයි යන කරුණ නිසැකවම අනාවරණය කර ගැනීමට විද්‍යාඥයන් මේ වන තුරුම අසමත් වී තිබීමයි. අප දන්නා දෙය නම් හොඳ නින්දකින් තොරව අප වෙහෙසට පත්වන අතර අපට ප්‍රශස්ත හා උපරිම මට්ටමින් ක්‍රියාත්මක විය නොහැකි බවයි.
ඔබගේ නිදාගැනීමේ ඉරියව්ව, ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම හා සමානවම ඔබගේ සෞඛ්‍යට අතිවිශාල බලපෑම්ක් එල්ල වන කරුණක්. වැරදි නිදාගැනීමේ ඉරියව් නිසා උද්ගත වන හෝ උග්‍ර වන සෞඛ්ය ගැටළු සහ සංකූලතා ගණනාවක් තිබේ. වැරදි ඉරියව්වකින් නිදා ගැනීම, කොන්දේ රුදාව හා කෝටරක ප්‍රදාහය ඇති වීමට හේතු වනවා මෙන්ම රුධිර පීඩන කෙරෙහිද බලපෑම් ඇති කරයි. වැරදි නිදි ඉරියව් නිසා ඇතිවන රෝගී තත්ත්වයන් අවම කිරීම සඳහා නිර්දේශිත නිවැරදි නිදා ගැනීමේ ඉරියව් කිහිපයක් ඇත.

1.කොන්දේ වේදනා

ඔබේ නිදා ගැනීමේ ඉරියව්ව මගින්  ඔබේ  කොන්දේ වේදනාව කෙරෙහි  විශාල බලපෑම්ක් ඇති කල හැකියි. ඔබට ගැලපෙන හොඳින් නිදා ගැනීමට උපකාරීවන ඕනෑම ආකාරයකට නිදාගැනීම වැදගත් වනවා වගේම, ඔබ කොන්දේ වේදනාවෙන් පෙලෙන අයෙක් නම් නිදා ගැනීමට නිර්දේශිත ඉරියව්වක් තිබෙනවා.  WebMD වෙබ් අඩවියේ  නිර්දේශ අනුව කොන්දේ  වේදනාව අඩු කර ගැනීමට උඩුබැලි අතට දිගාවී, දණහිස් වලට යටින් කොට්ටයක් තබාගන්න. ඊට අමතරව කුඩාවට රෝල් කළ තුවයක්  කොන්ද යටට තබන්න. මේ විශේෂිත උපක්‍රමය අධාරයෙන් ඔබේ කොඳු ඇට පෙලට  පීඩනයක් ඇති නොවන ආකරයට එහි ස්භාවික වක්‍රතාවය පවත්වා ගැනීමට පුලුවන්.

2. උරහිසේ වේදනා

අප  බොහෝ දෙනෙකු උදෑසන උරහිසේ වේදනාවක් සමග අවදිවන්නේ, අපේ අත ඇඟට යට වන ආකාරයෙන් වැරදි ඉරියව්වකින් නිදාගෙන සිටීම නිසායි. එදිනදා වැඩ කටයුතුවලින් ඇතිවිය හැකි උරහිසේ වේදනා මේ නිසා  තවත් උග්‍ර  වීමට පුලුවන්. වේදනා රහිත නින්දක් සඳහා Women’s Health Magazine නිර්දේශ කරන්නේ, නිදාගන්නා විට  පැත්තකට හැරී  දනහිස් මඳක් නවා, දෙදන මැදින් කොට්ටයක් තබාගෙන  තවත් කොට්ටයක් අතිරේක අධාරකයක් ලෙස  පපුවට අසලින් තබාගෙන නිදාගන්නා ලෙසයි.

3.හිසේ කැක්කුම්

ඔබ නිදාගැනීමට තෝරගෙන තිබෙන ඉරියව්ව අනුව ඔබේ හිසේ කැක්කුම් වැඩි වීමට හෝ සුව වීමට පුලුවන්. Hub’s Health විශේෂඥයන්ට අනුව  බොහෝ හිසේ කැක්කුම් වලට හේතු වන්නේ ඔබ නිදාගන්නා ඉරියව්ව නිසා නින්දේදී, නොදැනුවත්වම ගෙල මදක් ඇඹරී තිබීම නිසයි. ඔබ සම්පූර්ණයෙන් විවෙකව දිගාවී  සිටින විට ඔබේ බෙල්ලේ පේශීන් හා ස්නායු මත විශාල පීඩනයක් හා බරක් ඇතිවනවා. එය ඔබේ හිසට   රුධිර සැපයුම අවහිර කිරීමට හේතුක් වී ඔබට හිසරදයක් ඇති වීමට පුලුවන්. නිදාගන්නා විට ඔබේ ගෙල දෙපැත්තෙන් කුඩා  කොට්ට දෙකක් තබාගෙන ගෙල හැරවීම අවම කර ගන්න.

4.බෙල්ලේ වේදනාව
හිසේ කැක්කුම වගේම නිදා ගන්නා ඉරියව්ව හේතුකොටගෙන ඔබේ ගෙලට අනවශ්‍ය පීඩනයක් ඇතිවී ඔබට බෙල්ලේ වේදනාද ඇති වෙනවා. ගෙලට සපයන අතිරේක අධාරයකයක් මගින් රෝග ලක්ෂණ අවම කර ගැනීමට පුලුවන්. PainPhysicians.com නම් වෙබ් අඩවියට අනුව පලමු විකල්පය නම් නිදාගන්නා විට, රෝල් කරන ලද කුඩා තුවායක් හරියටම බෙල්ලට යටින් අධාරකයක් වශයෙන් තබා ගැනීමයි. ඔබේ සිරුර නින්දේදී නිතරම සෙලවෙනවා නම්, එම රෝල් කරන ලද කුඩා තුවාය ඉවතට යෑම වැලැක්වීමට එය ඔබගේ කොට්ට උරය යටින් තබාගැනීමට උත්සාහ කරන්න. නැතිනම් අධාරකයේ හා කොට්ටයේ අනවශ්‍ය චලනය බෙල්ලේ වේදනාව තවත් උග්‍ර කිරීමට හේතු විය හැකිය.

5.අධි රුධිර පීඩනය

ඇත්ත වශයෙන්ම ඔබ අධි රුධිර පීඩනය හා ඊට අදාල ප්‍රතිකාර ක්‍රමවේදයන්  පිලිබඳව ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කල යුතුයි. කෙසේ වෙතත් මෑතකදී WebMD වෙබ් අඩවිය මගින් පලකල ජපානයේ  Ehime University School of Medicine පර්යේෂණ වාර්තාවකට අනුව නිදා ගන්නා ඉරියව්ව රුධිර පීඩනයට බලපෑම කරන බවට තහවුරු  වෙයි.  එම පර්යේෂණකයන් පෙන්වා දෙන්නේ ඇත්ත වශයෙන්ම  මුනින් අතට නිදාගැනීමෙන් රුධිර පීඩනය අඩු වන බවයි. ” පිරිමින්ගේ සමස්ත  රුධිර පීඩනය මඳ වශයෙන් – එහෙත් සැලකිය යුතු තරමකිනුත්, ඔවුන් මුනින් අතට නිදාගැනීම නිසා  අඩු විය.” යනුවෙන් එම වාර්තා මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

6.කෝටරක දාහය හෙවත් සයිනස්

වැරදි නිදා ගැනීමේ ඉරියව්ව නිසාම කෝටරක දාහය (නලළේ  සහ මුහුනේ අස්ථි තුල පිහිටා ඇති කුහර තුල ඇතිවන ආසාදනය) ඇති වනවා පමණක් නොව එය උග්‍ර කිරීමටත් ප්‍රතිකාර වලට බාධා කිරීමටත් හේතුවක් වෙයි. සිරුර සම්පූර්ණයෙන් පැතලිව සිටින ආකරයෙන් උඩුබැලි අතට දිගාවී නිදාගැනීම නිසා අස්ථි තුල පිහිටා ඇති කුහර තුලට සෙම පිරීම හා  එක් රැස් වීම සිදු වෙයි. Harvard Medical School නිර්දේශ කරන ආකාරයට රාත්‍රී පුරාම හිස  තරමක් එසවී  සිටින අකාරයෙන් නිදා ගැනීමෙන් එය වලක්වා ගැනීමට පුලුවනි.

General Health Benefits 

අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ආහාර ගැනීමෙන් පසුව හෝ එහෙමත් නැත්නම්, ඔබට අහාර ජීර්ණ ගැටළු ඇතිනම්, නිශ්චිත ඉරියව්වකින් නිදාගැනීමෙන් සහනයක් ලබා ගැනීමට  පුලුවන්. Skinshee.com වෙබ් අඩවියට  අනුව,  පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි, ආමාශය සිරුරේ මඳක් වම් පසට වන්නට පිහිටා ඇති නිසා   වම් ඇලයට හැරී නිදා ගැනීම ආහාර ජීර්ණයට උදවු වෙයි. වම් ඇලයට හැරී නිදාගැනීමෙන්  ස්භාවිකම ඇතිවන  ගුරුත්වාකර්ෂණ බලපෑම මගින් අහාර  ජීර්ණය  නිසියාකාරව සිදු වනවා.

8.පපුවේ දැවිල්ල

ජීර්ණ ගැටළු වගේම පපුවේ දැවිල්ලත් සුව නින්දක් ලබාගැනීමට නොහැකිවීමට එක් හේතුවක්. වම් ඇලයට හැරී නිදාගැනීමෙන් පපුවේ දැවිල්ල නිසා ඇතිවන දාහයට සහනයක් ලබා ගැනීමට පුලුවන්. WebMD වෙබ් අඩවිට අනුව  ගුරුත්වාකර්ෂණ බලපෑම  මගින් අහාර ජීර්ණය  පහසු කරවන නිසා ආමාශයේ ඇති අම්ල ඉවත් වෙයි. ඔබට නිදා ගත යුතු නිවැරැදි පැත්ත නිතරම අමතක වනවා නම් “දකුණු  පැත්ත වැරදි පැත්ත” යනුවෙන් මතක තබා ගන්න.

9.මස් පිඩුවල වේදනා (PMS Pain)

ආවර්තාව සිදුවන කාලයේ බොහෝ කාන්තාවන්ට, උදර හා ශ්‍රෝනිය ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන වේදනාව, සුව නින්දක් ලබාගැනීමට බාධාවක් වනවාට   අමතරව උදේ කාලයේදී එම වේදනාවන් වඩාත් උග්‍ර කිරීමටත් හේතු  වෙයි. Women’s Health Magazine නිර්දේශ අනුව  එම වේදනාවන්  අවම කර සුව නින්දක්  ලබාගැනීමට නම් උඩුබැලි අතට දිගා වී ඔබේ දණ හිස් දෙකට යටින් කොට්ටයක් තබාගෙන නිදා ගන්න එමඟින් කොඳු ඇට පෙල වක්‍ර වීම වලක්වා උකුල  ප්‍රදේශයට  හා ගර්භාශයට  එල්ල වන අනවශ්‍ය පීඩනය  අඩු වේ.

පසු වදනක්

ඕනෑම සෞඛ්‍ය ගැටළුවකදී ඔබ පලමුවෙන්ම ඔබේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම වැදගත්. ඔබ කුමන ආකාරයේ ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කලත්, එසේත් නැත්නම් විකල්ප ප්‍රතිකාර ක්‍රම වලට යොමු වුනත්,  ඉහත දැක්වෙන පරිදි නිදා ගැනීමේ ඉරියව් අනුගමනය කිරීමෙන් ඔබේ  සෞඛ්‍ය  වැඩි දියුණු  කර ගැනීමට හැකි වේවි.

Source

https://1md.org/article/sleeping-position-benefits-1md

 

Distributors

Singer Sri Lanka Fitness Products
softlogic sri lanka fitness products
Dinapala Group Sri Lanka Fitness Products
abans sri lanka fitness products

Online Shopping Partners

daraz sri lanka fitness products
Abans Sri Lanka
Wasi.lk Quantum Fitness Products
Quantum Fitness Orelo
takas.lk fitness products
Odel Sports Sri Lanka Treadmills
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
ovicx products in Sri Lanka
keiser bikes in Sri Lanka
Vibration Machines