1. මුහුණ කැඩපතකින් බලා නිරීක්ෂණය කිරීම

493ss_thinkstock_rf_closeup_woman_looking_mirror

කණ්ණාඩියෙන් පෙනෙන ඔබේ මුහුණ ගැන ඔබ හොඳින් දනී. ඔබේ මුහුණේ සමීපතම පෙනුමෙන් ඔබේ සෞඛ්‍ය පිළිබඳ අනතුරු ඇඟවීම් සොයාගත හැකිය.

  1. මුහුණේ ඇස් සහ සම කහ පැහැති වීම

493ss_thinkstock_rf_sideview_man_yellowish_eyes

ඇස් හා සම කහ පැහැති වන්නේ සෙංගමාල රෝගය නිසා, ඔබේ සිරුර තුල රතු රුධිරාණු බිඳීමේදී එකතුවන අපද්‍රව්‍ය එක් රැස්වී ඇති නිසයි. අඩු වයසින් ඉපදෙන දරුවන්ගේ ඇස් සහ සම කහ පැහැති  වීම සාමාන්‍ය දෙයකි. එයට හේතුව ඔවුන්ගේ නොමේරූ අක්මාව තවමත් නිසියාකාරව ක්‍රියාත්මක නොවන නිසයි. වැඩිහිටියන්ගේ ඇස් කහ පැහැති වීම සෙංගමාලය ට අමතරව, mononucleosis, අක්මාව, පිත්තාශය හා අග්න්‍යාශයේ ආසාදනයක් හෝ අධික මත් පැන් පානය නිසාද විය හැකියි.

  1. මුහුණේ ඉන්නන් තිබීම

493ss_thinkstock_rf_closeup_mole_on_male_face

මුහුණේ තිබෙන ඉන්නන් හෝ කළු පැහැති සම ඝන වීම් සමහර විට හානිකර නොවිය හැකි වුවත්, සම පරීක්ෂා කරවා ගැනීමෙන් පසු ඒවා පිලිකාවක් දක්වා වර්ධනය වීම වලක්වා ගැනීමට හැකියි. ඔබේ මුහුණේ ඉන්නකු හෝ සම ඝන වීමක් තිබේ නම්, පහත සඳහන් ලක්ෂණ ගැන නිතරම පරීක්ෂාකාරී වන්න.

  1. එය අසමමිතිකද එක් එක් පැත්තෙහි හැඩය වෙනස්ද
  2. එහි දාරය කඩතොළු වී තිබෙනවාද
  3. එහි වර්ණය එකාකාරී නැතිද
  4. එහි විෂ්කම්භය කවුපි ඇටයකට වඩා ලොකුද
  5. පසුගිය සතිවලදී එහි වෙනසක් හෝ වර්ධනයක් සිදුවී තිබෙනවාද

ඉහත ප්‍රශ්න එකකට හෝ පිළිතුර ඔව් නම්, වහාම වෛද්‍යවරයකු වෙත යොමුවන්න.

  1. වණ ඇති වීම

493ss_thinkstock_rf_man_with_cold_sore

කට වටේට හෝ දෙතොල් මත වණ වීම්, Type 1 හර්පීස් වෛරසය නිසා විය හැකිය. බොහෝ දෙනෙකුගේ විශේෂයෙන් ළමුන්ගේ හා යෞවනයන්ගේ  තොල් වණ වීම්, කෙල වලින් බෝවන ලිංගික නොවන හර්පීස් රෝගය නිසයි. මුඛ හර්පීස් රෝගය ඔබට වැළඳුන විට එය සුව කල නොහැකිය. වණ ඇති වීම ඔබ අසනීපයෙන් සිටින විට, කාන්සාවෙන් සිටින විට හෝ අධිකව වෙහෙසට පත්ව සිටින විට, වරින් වර මතු විය හැකියි. එහෙත් නිතරම වණ ඇති වේ නම් හෝ ඒවා දරුණු වන්නේ නම්, වෛද්‍යවරයෙකු වෙත යාම සුදුසුයි.

  1. තොල් පැලී තිබීම

493ss_thinkstock_rf_woman_applying_lip_balm_in_winter_cold

ඕනෑම කෙනෙකුගේ තොල් පැලීම හා වියලීම ඉඳ හිට සිදු විය හැකිය. නමුත් සමහර විට වියලුණු තොල් ඔබේ ශරීරයට නිසියාකාරව ජලය නොලැබීම නිසා විජලනයට ලක්වීම වැනි සෞඛ්‍ය ගැටළුවක් විය හැකිය. එමෙන්ම එය අසාත්මිකතාවයක් නිසා හෝ ස්ටරොයිඩ් වර්ගයේ ඖෂධයක අතුරු ආබාධයක් නිසාද ඇතිවිය හැකිය.

  1. මුහුණ දෙපැත්තේම ඇස් යට එකවර පළු හෝ කුෂ්ඨ දැමීම

493ss_diomedia_rm_lupus_butterfly_skin_rash

බොහෝ කුෂ්ඨ සහ පළු බරපතල නොවන අතර සමහරවිට ඉබේම සුව වෙයි. නමුත් එය සමනළ තටු වල හැඩයට සිදුවන්නේ නම්, බරපතල  තත්වයක් විය හැකිය. ඇත්තෙන්ම එය ලූපස් රෝගයේ ලක්ෂණයකි. ලූපස් රෝගය යනු ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේම ශරීරයේ පටක වලට සහ ඉන්ද්‍රියයන් හානියට ලක් කිරීමයි. ඉහත කුෂ්ඨ සහ පලු වලට අමතරව නැමිය නොහැකි සන්ධි, නිල් පාට වූ ඇඟිලි හා කැක්කුම් ද තිබේ නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

  1. මුහුණේ අනවශ්‍ය තැන්වල රෝම වැවීම

493ss_thinkstock_rf_woman_having_mustache_depilation_procedure

වයස් ගත වන විට, පිරිමින්ගේ කන් වල සහ ඇහි බැමි වටාද, කාන්තාවන්ගේ නිකටේ ද අනවශ්‍ය රෝම වැවීම සිදු විය හැකිය. එහෙත් තරුණ ගැහැණු ළමුන්ගේ මුහුණේ අනවශ්‍ය රෝම තිබීම polycystic ovary syndrome නම් රෝග තත්වය නිසාද විය හැකිය.

  1. ඇසිපිය එල්ලා වැටීම

493ss_science_source_rm_man_with_drooping_eyelids

වෛද්‍යවරුන් එය ptosis or blepharoptosisයන රෝග තත්වය යනුවෙන් හඳුන්වයි. සමහරුන්ට උපතින්ම එසේ සිදුවේ. එම තත්වය ඇස් දෙකේම ඇති විය හැකිය, කලාතුරකින් ඇස් වල පෙනීම ද අවහිර කරයි. එය හානිකර නොවන නමුත්, ඔබේ මොළයේ , ස්නායු වල හෝ ඇස් කුහරයේ ගැටළුවක් නිසා ඇති වූවක් විය හැකිය. දිනක් හෝ පැයක් තුල ඇසිපිය එල්ලා වැටීමක් සිදු වුවහොත් හෝ දිත්ව දර්ශණ (Double Vision), අසාමාන්‍ය හිසේ කැක්කුමක්, ගිලීමේ අපහසුතාවයක් හෝ මස්පිඬු වල දුර්වලතාවයක් ඇති වුවහොත්, ඒවා ආඝාතයක (stroke) ලක්ෂණ විය හැකි බැවින් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

  1. මුහුණේ පැත්තක මස්පිඬු සෙලවීමට නොහැකි වීම

493ss_diomedia_rm_bells_palsy

මුහුණේ පැත්තක මස්පිඬු සෙලවීමට නොහැකි නම් හා වෙනත් රෝග ලක්ෂණ කිසිවක් නොමැති නම්, එය Bell’s palsy නම් රෝගී තත්වය නිසා විය හැකිය. වයිරසයක් හෝ වෙන යම් හේතුවක් නිසා මුහුණේ මස් පිඬු ක්‍රියා කරවන ස්නායු තද වීමක් හෝ ඉදිමීමක් නිසා එසේ විය හැකිය. ඔබේ මුහුණේ පැත්තක මස් පිඬු දුර්වලතාවයකට හේතු වන එම තත්වය, කන පිටුපස සහ හක්කේ වේදනාවක් ද සමඟ පැයක් හෝ දිනක් තුල ඇති වේ. මෙම තත්වය බරපතළ නොවන අතර මාස 3 ක් හෝ 6ක් අතරතුර සුව වනු ඇත.

  1. මුහුණේ පැත්තක් පණ නැති වීම

493ss_thinkstock_rf_brain_xray_stroke_patient

මොළයේ කොටසකට රුධිරය සපයන නහරයක් අවහිර වීමකින් හෝ පිපිරීමකින් ආඝාතය සිදුවේ. පහත ලක්ෂණ වලින් එකක් ඔබට තිබේ නම්, වහාම වෛද්‍ය ආධාර ඉල්ලන්න.

  1. මුහුණේ පැත්තක් පණ නැති වීම
  2. අත පය හිරි වැටීම හෝ දුර්වල වීම
  3. කථා කරන විට ගොත ගැහීම
  4. ගිලීමට අපහසු වීම
  5. හිස කැරකැවිල්ල
  6. ඇස් පෙනීම වෙනස් වීම (double Vision)

 

11. ඇස් පිහාටු මත කහ පැහැති පැල්ලම් තිබීම

493ss_science_source_rm_woman_with_yellow_spots_on_eyelids

මෙම ඉහළ සහ පහළ ඇසිපිය මත ඇති කහ පැහැති ගැටිති xanthelasmataලෙස හැඳින්වේ. ඒවා අනතුරුදායක හෝ වේදනාකාරී නොවන අතර පහසුවෙන් ඉවත් කල හැකිය. නමුත් එම ගැටිති හෘද රෝගයක හෝ ඉදිරියේදී ඇති විය හැකි හෘදයාබාධයක ලක්ෂණයක් විය හැකිය. එමනිසා වෛද්‍යවරයකු ලවා පරීක්ෂාකරවා ගැනීම සුදුසුයි.

  1. ඇස් ඉදිමී තිබීම

493ss_thinkstock_rf_closeup_of_man_with_puffy_eye

ඔබේ ඇස් යට අවකාශය තරලවලින් පිරී යාමට පුළුවනි. මෙහිදී ඇස්  ඉදිමුණු හෝ පිම්බුණු ස්වභාවයක් පෙනේ. උණුසුම් හා තෙතමනය සහිත කාලගුණය, නින්ද නොලැබීම, අධික ලුණු සහිත ආහාර හා හෝමෝන වෙනස්කම් නිසා ඔබේ ශරීරය තුළ වඩ වඩාත් ජලය රඳවා ගැනීමට පුළුවනි. බොහෝවිට ඔබ වයසට යන විට ඇස් පිය පාලනයට සහයවන මස් පිඬු දුර්වල වීම නිසාත් එසේ විය හැකිය. ඇස්  ඉදීමී, රතු වී, කසනවා නම් එය, ආහාර, මල් පරාග, මුහුණේ ගල්වන ආලේපන, සුවඳ විලවුන්, පවිත්‍රකාරක (cleanser) නිසා ඇතිවූ අසාත්මිකතාවයක් හෝ pinkeye වැනි ප්‍රදාහයක් විය හැකිය.

  1. මෙල්ස්මා තත්වය ඇති වීම (Melasma)

493ss_science_source_rm_closeup_of_woman_with_dark_facial_skin_patches

මෙල්ස්මා තත්වය ඔබේ මුහුණේ අළු දුඹුරු පැහැති පැල්ලම් ඇති කරයි. එසේ සිදුවන්නේ ඇයි දැයි මෙතෙක් සොයාගෙන නැති වුවත්, එය ගර්භණීභාවය නිසා හෝ උපත් පාලන පෙති මගින් ද ඇති විය හැකිය. එවැනි අවස්ථාවල මෙල්ස්මා තත්වය දරු උපතින් පසු හෝ උපත් පාලන පෙති නැවත්වීමෙන් පසුව පහව යයි. සමහරවිට මෙල්ස්මා තත්වය සුව වීමට වසර ගණනාවක් ගත විය හැකි අතර ඖෂධ මගින් හෝ chemical peels මගින් සුව කිරීමට සිදු වේ.

  1. ඇහි බැමි වල හෝ ඇස් පිහාටුවල කෙස් ගැලවී යාම

493ss_thinkstock_rf_photo_alopecia_areata_on_male_face

Alopecia areataනම් රෝගී තත්වය නිසා ඇහි බැමි වල හෝ ඇස් පිහාටුවල ඇති කෙස් සමඟම හිසේ තැන් තැන් වල ඇති හිස කෙස් ද ගැලවී යයි. එසේ වන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙලනින් ග්‍රන්ථී වලට බලපෑම් එල්ල කිරීම නිසාවෙනි. ඔබේ හිසකෙස් නැවත වර්ධනය කිරීමට උපකාර වන ඖෂධ ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කිරීම සුදුසුය.

 

Source : https://www.webmd.com/skin-problems-and-treatments/ss/slideshow-face-your-healthecd=wnl_spr_071118&ctr=wnl-spr-071118_nsl-ld-stry_1&mb=7dhAg3seGokXpqYYvEWhQZAyWFWqf9PLq%2fVcfi%2fkKuU%3d