ඔබ මේ ආහාර සේදිය යුතුද?

බිත්තර

කිකිලියෙකු බිත්තරයක් දැමීමේදී, බ්ලූම් (bloom) යනුවෙන් හැඳින්වෙන තුනී ආලේපයකින් කටුව ආවරණය වේ. මෙම ආලේපනය බිත්තර කටුවේ ඇති කුඩා සිදුරු වලින් බැක්ටීරියා ඇතුළට යෑම වළක්වයි. වාණිජ බිත්තර නිෂ්පාදකයින් බිත්තර පිරිසිදු කරන්නේ එම ස්ථරය නොවෙනස්ව තබා ගනිමිනි. නිවසේදී බිත්තර සේදීමෙන්  විෂබීජ ඉවත් නෙවේ. ඒ වෙනුවට බ්ලූම් ස්ථරය විනාශ වී විෂබීජ කටුව තුළින් ඇතුළට යාමට ඉඩ සැලසේ. සෑම විටම ඔබේ බිත්තර ශීතකරණය තුළ තබා හොඳින් පිසගන්න. 

 

රතු මස් 

හරක් මස්, එළු මස්, ඌරු මස් වැනි රතු මස් වලින් ඔබට සියලුම බැක්ටීරියා සෝදා ඉවත් කල නොහැක. සමහරක් විෂබීජ මස් වල ඇති තන්තු වල ගැඹුරේ තැන්පත් වී ඇත. රතු මස් මත ඇති සියලුම බැක්ටීරියා විනාශ කිරීමට ආරක්ෂිතම ක්‍රමය වන්නේ ඒවා අවම වශයෙන් අංශක 145 ක අභ්‍යන්තර උෂ්ණත්වයකට පිසීමයි.

 

හතු 

හතු යනු ජලය උරා ගන්නා ස්පොන්ජ් වැනි දෙයක් නිසා සමහර විට ඒවායේ බැක්ටීරියා තිබීමට පුළුවනි. ඔබ වෙළෙඳපළෙන් මිලදී ගත් හතු තෙත රෙදි කැබැල්ලකින් පිරිසිදු කරන්න. ඔබ ගෙවත්තෙන් හෝ කැළෑවෙන් හතු වර්ග එකතු කරන්නේ නම්, ඒවා ලුණු සහිත ඇල්මැරුණු වතුරේ විනාඩි 30 ක් පොඟවා ගන්න. ඉන්පසු පිරිසිදු වතුරෙන් හොඳින් සෝදාගන්න.

 

මාළු 

මාළු වෙළෙන්දා කැබලි කපාදෙන විශාල මාළු පිසීමට පෙර සෝදා ගන්න. එමෙන්ම සුද්ද කර අතුණුබහන් ඉවත් කල යුතු සාලයන්, කාරල්ලන්, හුරුල්ලන් වැනි කුඩා මාළු වර්ග ද කකුළුවන්, ඉස්සන්, වැනි කවච සහිත මුහුදු ජීවීන් වර්ගද සේදීමෙන් පසුව මාළු කැපූ පිහිය, ඒවා දැමූ භාජනය හා සින්ක් එක, වෙනත් ආහාර සඳහා භාවිතා කිරීමට පෙර හොඳින් පිරිසිදු කරගන්න. 

 

පැස්ටා, නූඩ්ල්ස් සහ සහල් 

පැස්ටා සහ නූඩ්ල්ස් පිසීමට පෙර හෝ පසුව සෝදා ගැනීමට කිසිදු ආහාර ආරක්ෂිත හේතුවක් නොමැත.

 

කැන්ටලූප්, කොමඩු හා වට්ටක්කා වැනි දෑ 

කොමඩු, වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, පුහුල් වැනි දෑ ඵලය පොළව මත හැදෙන නිසා පොහොර, පළිබෝධ නාශක  සහ ක්ෂුද් ජීවීන් ඒවා පුරා පැතිර පවතී. විශේෂයෙන් කැන්ටලූප්වල බැක්ටීරියා උගුලට හසු කරන දැල් සහිත පොත්තක් ඇත. මේවා කැපීමට පෙර කිහිපවරක් හොදින් සෝදා ගන්න, නැතහොත් ඒවා කපන විට පොත්තේ ඇති බැක්ටීරියා වර්ග මාංශමය කොටස තුලට යාමට පුළුවනි.

 

මල් ගෝවා, සලාද කොළ (cauliflower, broccoli, and lettuce) සහ පළා 

මේවා පිරිසිදු කිරීමට ප්‍රථම සහ පසුව සබන් යොදා දෑත් තප්පර 20 ක් හොඳින් සෝදාගන්න. මල් ගෝවා සහ සළාද කොළ වල ස්වාභාවය නිසා අපද්‍රව්‍ය සහ බැක්ටීරියා වලට අමතරව කුඩා පණුවන් සහ කෘමීන්ද ඒ තුළ රැදී සිටීමට පුළුවනි. විනාඩි කිහිපයක් සීතල වතුරේ ගිල්වා තබා අනතුරුව සිදුරු සහිත භාජනයක් මත තබා වතුර කරාමයට අල්ලා ගලායන ජලයෙන් හොදින් සෝදා ගන්න.

 

කෙසෙල්, පැපොල්, අලිගැටපේර වැනි පළතුරු වර්ග 

මේවා පොත්ත සමඟ ආහාරයට නොගන්නා නිසා ඒවා සේදීමට අවශ්‍ය නොවේ යයි සිතන්නට එපා. මේවා කැඩීමෙන් පසු, බිම ගොඩගසා තිබෙන විට හා ප්‍රවාහනයේදී බොහෝවිට සෞඛ්‍යාරක්ෂිතව නොකරන නිසා විෂබීජ වලට අමතරව මඩ, වැලි, දූලි සහ සත්ව අපද්‍රව්‍ය වලින් අපිරිසිදු වී තිබීමට පුළුවනි. කෙසෙල් ඇවරියේ ගෙඩි අතර මෙන්ම ජම්බු ගෙඩි තුළද කලු කූඹි සිටීමට පුළුවනි. 

 

කැරට්, බීට්, රාබු සහ අල  

පොළව යට වැවෙන ඉහත දේවල්වල මඩ සහ පස් වලට අමතරව බැක්ටීරියා, දිලීර, රසායනික පොහොර, කෘමිනාශක හා දිලීරනාශක වලින් අපිරිසිදු වී තිබෙන නිසා වතුර කරාමයක් යට තබා බ්‍රෂ් එකක් හෝ ස්පොන්ජ් කැබැල්ලකින් හොදින් අතුල්ලා දෙතුන් වරක් පිරිසිදු ජලයෙන් සෝදාගන්න. ඉන්පසු පොත්ත සූරා ඉවත් කර නැවත සෝදාගන්න. අල වල පොත්ත තුවාල වී තිබෙන තැන්වලින් විෂබීජ අලය තුළට ගමන් කරන නිසා ඒවා මිලදී ගැනීමෙන් වළකින්න.  

 

එළවළු සහ පළතුරු වලින් කෘමිනාශක ඉවත් කිරීම 

කෘෂිකර්ම හා ආහාර රසායන විද්යා සඟරාවේ (Journal of Agricultural and Food Chemistry)  පල වූ නවතම  අධ්යයනයකට අනුව ලුණු වතුර, බේකින් සෝඩා සහ විනාකිරි ජලය භාවිතයෙන් එළවළු සහ පළතුරු මත තිබෙන කෘමිනාශක බොහෝ දුරට ඉවත් කල හැකි බවයි. බේකින් සෝඩා අවුන්ස 1 ක් ජලය අවුන්ස 100 ක් සමග මිශ්‍ර ජලයේ මිනිත්තු 10 – 12 ක් දක්වා කාලයක් ගිල්වා තැබූ ඇපල් වල තිබූ කෘමිනාශක සම්පූර්ණයෙන්ම ඉවත් වූ බව පර්යේෂණවලින් හෙළිවී තිබේ. 

Food Conrtol හි ප්රකාශයට පත් කරන ලද අධ්යයනයක දී පර්යේෂකයන් විනාකිරි, ලුණු වතුර මිශ්‍රණයක් සහිත ජලයෙන් විනාඩි 20 ක් සේදූ එළවළු වලින් පොදු පළිබෝධනාශක හතරක් වන chlorpyrifos, DDT, cypermethrin and chlorothalonil ඉවත් වී තිබේ.10% මිශ්‍ර ලුණු වතුර සහ විනාකිරි මිශ්‍ර වතුරද ඵලදායක බව ඔවුන් සඳහන් කර තිබේ. 

මූලාශ්‍රයන්: 

https://www.webmd.com/food-recipes/ss/slideshow-should-you-wash-this-food?ecd=wnl_faf_091320&ctr=wnl-faf-091320_nsl-Bodymodule_Position5&mb=7dhAg3seGokXpqYYvEWhQZAyWFWqf9PLq%2fVcfi%2fkKuU%3d

https://foodrevolution.org/blog/how-to-wash-vegetables-fruits/

https://pubs.acs.org/doi/abs/10.1021/acs.jafc.7b03118?source=cen

https://www.sciencedirect.com/science/article/abs/pii/S0956713506002696

Distributors

Online Shopping Partners