Showing results for

කාන්තාවන්ට සහ පිරිමින්ට බඩ අඩුකර ගැනීමට ව්‍යායාම්

Recent Posts

How to stay fit when you work 7 to 7: A realistic guide for Sri Lankan professionals

April 6, 2026

The Avurudu Reset: Balancing Tradition with Your Fitness Goals

March 27, 2026

Smart Living in 2026: Why a Home Gym is Your Best Strategic Investment

March 27, 2026

New Year, New Rituals: Setting Up Your Home Gym for 2026

March 27, 2026

බඩ අඩු කරගැනීම නිසියාකාරව කිරීමට නම්, අප විසින් අපේ උදර ප්‍රදේශයේ ඇති මාංශ පේශීන් පද්ධති 4 ක් ඉලක්ක කරගෙන ව්‍යායාම් කල යුතු වේ. මෙම පේශීන් ශක්තිමත් කිරීමෙන් කොඳු ඇට පේලිය සහ උකුල ප්‍රදේශයද සවිමත් වන අතර ඊට අමතරව කොන්දේ අමාරු සෑදීමද වළක්වා ගත හැකිය. 

  • External abdominal obliques:- උදර ප්‍රදේශයේ දෙපැත්තේම, ඉල ඇට වලට පහළින්, මතුපිටින් ඇති පේශීන්
  • Internal abdominal obliques:-  ඉහත සඳහන් මාංශ පේශි වලට යටින් ශරීර අභ්‍යන්තරයේ දෙපැත්තේම ඇති පේශීන් 
  • Transversus abdominus:- ඉහත දැක්වූ obliques පේශීන් වලට වඩාත් ගැඹුරෙහි, උදර ප්‍රදේශයේ දෙපැත්තේම කොඳු ඇට පේලිය සමඟ සම්බන්ධ වී ඇති පේශීන්
  • Rectus abdominus: උදර ප්‍රදේශයේ ඉදිරිපස ඉහළ සිට පහළ ටම පිහිටා ඇති අතර, Six- pack නමින්ද හදුන්වන කොටස් දෙකකින් යුතු පේශියකි  

කාන්තාවන් සඳහා සුදුසු ව්‍යායාම් 

පහත දැක්වෙන සෑම ව්‍යායාමයක්ම 5-15 වාරයක් සතියකට තුන් වතාවක්වත් කරන්න (මෙම ව්‍යායාම් කරන අන්දම Youtube චැනලයේ වීඩියෝ වලින් නරඹන්න)

 Plank crawl out

  • කකුල් ලංකරගෙන කෙලින් සිටගන්න 
  • දැන් ඔබේ දෙඅත් පොළව මත තබා Push-ups ඉරියව්වට එන තෙක් දෙඅත් වලින් පමණක් සෙමෙන් ඉදිරියට යන්න 
  • නැවතත් පෙර ඉරියව්වට එන තෙක් දෙඅත් වලින් පසුපසට එන්න. නැවත සිටගන්න. 5-15 වතාවක් පමණ කරන්න

Side plank

  • පොළව මත පැත්තට හැරී දිගාවී සිටින්න  
  • දැන් වැලමිට සහ අත්ල පොළව මත තබා, ඔබේ උරහිස සහ කකුල එකම රේඛාවකට සිටින සේ උකුළ ප්‍රදේශය ඉහළට ඔසවන්න 
  • තප්පර 30-45 පමණ එම ඉරියව්වෙන්ම සිටින්න 
  • දැන් අනෙක් පසට හැරී එම ව්‍යායාමය නැවත කරන්න

Reverse crunch

  • කකුල් අංශක 90 කට දණහිස් වලින් නැවෙන සේ ඉඳගන්න 
  • දෙඅත් පොළවට සමාන්තරව ඉදිරියට දිගු කරන්න 
  • හුස්ම පිටකරමින් බඩ හැකිතරම් පිටුපසට නමන්න (එවිට ඔබේ පිටකොන්ද C අකුරක හැඩයට නැමී තිබිය යුතුය)
  • හුස්ම ගන්නා ගමන් කොන්ද කෙලින් කරන්න. 5-15 වතාවක් පමණ කරන්න

Boat pose

  • දණහිස් නවා කොන්ද කෙලින් සිටින සේ පොළව මත ඉඳගන්න 
  • දෙඅත් පොළවට සමාන්තරව ඉදිරියට දිගු කරන්න 
  • ඔබේ සිරුර V අකාරයට සිටින සේ කකුල් ඔසවා කෙලින් කරන්න 
  • මේ අකාරයට තප්පර 30 ක් පමණ සිටින්න. 5-15 වතාවක් පමණ කරන්න

Alligator drags

  • Push-ups කරන ඉරියව්වෙන් පොළව මත සිටින්න. කකුලේ ඇඟිලි තුවායක් වැනි දෙයක් මත තබා ගන්න 
  • කකුල් නොසොල්වා අත් දෙකෙන් පොළව මත මීටර් 5-10ක් පමණ ඉදිරියට ඇදෙන්න 
  • මිනිත්තුවක් පමණ විවේක ගෙන නැවත කරන්න. 5-15 වතාවක් පමණ කරන්න 

පිරිමින් සඳහා සුදුසු ව්‍යායාම් 

පහත දැක්වෙන සෑම ව්‍යායාමයක්ම 5-15 වාරයක් සතියකට තුන් වතාවක්වත් කරන්න (මෙම ව්‍යායාම් කරන අන්දම Youtube චැනලයේ වීඩියෝ වලින් නරඹන්න)

Hardstyle Plank

  • මුනිණ් අතට පොළව මත දිගාවන්න  
  • දැන් වැලමිට සහ අතේ පහළ කොටස් හා කකුලේ ඇඟිලි තුඩු පොළව මත තබා සෙමන් කඳ කොටස ඔසවන්න  
  • එසේ තප්පර 10-15 ක් පමණ සිට මුලින් සිටි ඉරියව්වට එන්න. 5-15 වතාවක් පමණ කරන්න

Dead bug

  • උඩුබැලි අතට පොළව මත දිගාවන්න 
  • දැන් දෑත් ඉහළට ඔසවන්න. කකුල් දණහිසින් නවා ගන්න 
  • දකුණු කකුල සහ වම් අත පමණක් පොළවට සමාන්තරව දිග හරින්න 
  • තප්පර කිහිපයක් එසේ සිට, අනෙක් අත සහ කකුල යොදවා කරන්න 

Dumbbell side bend

  • අඩු බර ඩම්බෙල් දෙකක් දෙඅතින් ගෙන අත් පහළට සිටින සේ කෙලින් සිටගන්න 
  • දකුණු පසට හැකි තරම් නැමෙන්න 
  • නැවත වම් පසට නැමෙන්න. 5-15 වතාවක් පමණ කරන්න

Barbell back squat

  • බාබෙල් බාර් එක පමණක් ගෙන හිසට පිටුපසින් සිටින සේ උරහිස් මත තබාගන්න 
  • දැන් පුටුවක හිඳගැනීමට යන ආකාරයෙන් පහළට නැමෙන්න 
  • යලි කෙලින් සිටගන්න. 5-15 වතාවක් පමණ කරන්න

Bird-dog

  • දණහිස් සහ දෙඅත් වලින් පොළව මත සිටින්න
  • දැන් ඔබේ දකුණු කකුල පසුපසටත් වම් අත ඉදිරියටත් දිග හරින්න. එවිට ඔබේ අතත්, කකුලත් ඔබේ සිරුර සමග සිරස් රේඛාවක අකාරයෙන් කෙලින් තිබිය යුතුය
  • තත්පර කිහිපයක් එසේ සිට නැවත අනෙක් කකුල සහ අත යොදාගෙන කරන්න. 5-15 වතාවක් පමණ කරන්න

පහත සඳහන් වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න 

  • ව්‍යායාම් කිරීමට පෙර සහ ව්‍යායාම් කරන අතරතුර හොදින් වතුර බොන්න. 
  • ආහාර වේලක් ගෙන පැය දෙකක් පමණ යනතුරු ව්‍යායාම් ආරම්භ කිරීමෙන් වළකින්න. 
  • ව්‍යායාම් ආරම්භ කිරීමට කලින් යමක් කෑමට අවශ්‍ය නම් කෙසෙල් ගෙඩියක්, යෝගට් එකක් වැනි කෙටි ආහාරයක් ගන්න. 
  • ව්‍යායාම් ආරම්භ කිරීමට කලින් සිරුරේ මාංශ පේශීන් වෙත හොඳින් රුධිරය සංසරණය වීම සඳහා විනාඩි 5 ක් පමණ මස් පිඬු ඉහිල් කරන stretching ව්‍යායාම් කරන්න. ඉන්පසු තවත් විනාඩි 10 ක් පමණ ඇඟ උණුසුම් කරන ව්‍යායාම් (warm-up exercises) කරන්න

https://www.healthline.com/health/fitness-exercise/best-ab-exercises-women#1

https://www.gq.com/story/best-abs-workouts-gq-ultimate-guide

 

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines