Showing results for

කොරෝනා වයිරස් වසංගතය පැතිරෙමින් තිබෙන මේ අවස්ථාවේ අපගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වේ

Recent Posts

How to stay fit when you work 7 to 7: A realistic guide for Sri Lankan professionals

April 6, 2026

The Avurudu Reset: Balancing Tradition with Your Fitness Goals

March 27, 2026

Smart Living in 2026: Why a Home Gym is Your Best Strategic Investment

March 27, 2026

New Year, New Rituals: Setting Up Your Home Gym for 2026

March 27, 2026

කොරෝනා වයිරස් වසංගතය පැතිරෙමින් තිබෙන මේ අවස්ථාවේ අපගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වේ මෙම අර්බුදය පහව යන තුරු ඒ සඳහා අපට භාවිතා කළ හැකි උපාය මාර්ග 14 ක් මෙන්න:

කෘතවේදීතාවය (GRATITUDE) – වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් මෙම අර්බුදය කළමනාකරණය කිරීමේ දී පෙරමුණේ සිටී. අප අපගේ නිවෙස්වල ආරක්‍ෂාකරිව රැඳී සිටින අතර, ඔවුන් දීර්ඝ සහ වෙහෙසකර ක්‍රියාකාරකම් වල නිරතවේ. ඔවුන්ට ගරු කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන් කෙරෙහි අපගේ කෘතවේදී හැඟීම අප ද සුවපත් කරයි.

අධ්‍යාත්මික විශ්වාසයන් සහ ක්‍රියාකාරකම් – අපගේ විශ්වාසයන් හා ක්‍රියාකාරකම් මේ කාලයේදී ආරක්ෂක පවුරකි. මේ ඔස්සේ අපගේ මනස සන්සුන් කරගත හැකිය. අපගේ බලාපොරොත්තු අලුත් කරගත හැකිය.

පරහිතකාමීබව (ALTRUISM) – මේ කාලයේදී නිතිපතා රැකියාවක් නොමැති දෛනික වැටුප් ලබන්නන්ට (ආහාර ආදිය) දෙන්න. මෙම ක්‍රියාවලින් අපගේ හදවත් ද සැහැල්ලු වනු ඇත.

සම්බන්ධ වන්න (CONNECT) – සමාජ සහයෝගය පුදුමාකාර ආරක්ෂකයෙකි. සමාජ දුරස්ථ කිරීම නිර්දේශ කර ඇති අතර, ඒ වෙනුවට දුරකතන මාධ්‍ය හරහා සම්බන්ධ වන්න. පවුලේ අය / මිතුරන් (විදේශයන්හි සිටින අය ඇතුළුව) සිටින්නේ කෙසේදැයි බැලීමට අමතන්න. ඔවුන් ඔබෙන් අසා දැන ගැනීමට සතුටු වන අතර ඔබත් එසේ සතුටට පත් වනු ඇත.

සම්පූර්ණ කළ හැකි ක්‍රියාකාරකරම් ආරම්භ කරන්න (INTERNAL LOCUS OF CONTROL) – ඔබ සම්පූර්ණ කළ හැකි ප්‍රයෝජනවත් ක්‍රියාකාරකම්වල නිරත වන්න. මෙය ඔබේ දරුවන් සමඟ ක්‍රීඩා කිරීම වැනි සරල නමුත් ඉටු කළ හැකි දෙයක් විය හැකිය.

ඔබේ දෛනික චර්යාව පවත්වා ගන්න – පාසැල් ආදිය වසා තිබියදීත් අවදි වන වේලාවන් ආදිය දිගටම පවත්වා ගන්න

මාධ්‍ය භාවිතය සීමා කරන්න – මාධ්‍ය භාවිතය විශ්වාසදායක මූලයන්ට සීමා කරන්න – බොහෝ අය බොහෝ දේ ප්‍රකාශ කරති ☺

තොරතුරු බෙදා ගන්න – ඔබ සමඟ සාධාරණ සම්බන්ධතාවයක් ඇති ඕනෑම අයෙකු සමඟ තොරතුරු බෙදා ගන්න (උදා: බස් කොන්දොස්තර, මුදල් අයකැමි, ආරක්ෂක නිලධාරියා), අත් සේදීම, සමාජ දුරස්ථ කිරීම වැනි ක්‍රමවලින් ආසාදනයකින් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව නොදන්නා පාසැල් ආදිය වසා තිබියදීත් අය සිටිය හැකිය.

ළමයින් දැනුවත් කරන්න –
www.mindheart.co වැනි වෙබ් අඩවි මනරම් මූලයන් වේ.

වැඩිහිටියන් සමග නොපසුබට වන්න – වැඩිහිටියන් පූර්වාරක්ෂාවන් පිළිබඳ උපදෙස් වලට අවනත වීමට ‘මුරණ්ඩු’ විය හැකිය – පණිවිඩය දැනුම් දෙන්නට නොපසුබට උත්සාහය වැදගත් වේ.

නිරෝධායනය කළ අයව ප්‍රශංසා කරන්න – මුලින් ප්‍රතිරෝධය දැක්වුවද ඔවුන් එසේ කිරීම ගැන කෘතවේදී වන්න. එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට සහායයක් වන අතර අවට සිටින අයට යම් සහනයක් ගෙන එනු ඇත.

වර්තමානයේ (සිහියේන්) සිටීම – මේ වඩාත්ම වැදගත් දෙයවේ. දුක්සහිත සිතුවිලි වලින් නිදහස්ව වර්තමානයට නැවත පැමිණීමට ඔබේ මනස පුහුණු කරන්න. වර්තමානය කාංසාව සහ කනස්සල්ල ඉවසන්නේ නැත. ‘Mindfulness’, ‘being in the present’ වැනි වචන ටයිප් කිරීමෙන් වර්තමානයේ සිටිය යුතු ආකාරය ඔබට අන්තර්ජාලයේ කියවිය හැකිය.

හුදකලාව විනෝද වීමට සහ මෙනෙහි කිරීමට අවස්ථාවක් ලෙස ‘අගුළු දැමීමේ’ කාලය සලකා බලන්න. අපගේ සාමාන්‍යයෙන් කාර්යබහුල ජීවිතයේදී එවැනි අවස්ථාවන් දුර්ලභ ය.

වසංගත, අර්බුද, මෙන්ම යහපත් කාලයන්ද මිනිස් ජීවිතයේ අනිවාර්ය සිද්ධීන් බව වටහා ගන්න අප කැමති වුවත් නැතත් එය ජීවිතයේ අනිවාර්ය සත්‍යයය.

ආචාර්ය පරක්‍රම වැලිගමගේ (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) විසින් මහාචාර්ය පියංජලි ද සොයිසා (කොළඹ විශ්ව විද්‍යාලය) විසින් රචිත මුල් පිටපතෙන් පරිවර්තනය කර ඇත.

 

Distributors

Singer Sri Lanka Fitness Products
Dinapala Group Sri Lanka Fitness Products

Online Shopping Partners

daraz sri lanka fitness products
Wasi.lk Quantum Fitness Products
takas.lk fitness products
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
keiser bikes in Sri Lanka
Vibration Machines