මම Power Plate ගැන දැන ගත්තේ කෙසේද ?

මම Power Plate ගැන දැන ගත්තේ කෙසේද ?

වසර පහකට පෙර, මම පළමුවෙන්ම කම්පනය වන පථයක් සහිත ව්‍යායාම් උපකරණයක් දැක්කේ, ෂිබියා වල සුපිරි සාප්පු සංකීර්ණයක, සාප්පු යන අය ඒවා ක්‍රියාත්මක කර අත්හදා බලමින් සිටි අවස්ථාවකදී, එදා මම හිතුවා ඒවායින් කවදාවත් ඔබට මස් පිඬු වර්ධනය කළ හැකි වන්නේ නැහැ නමුත් Power Plate කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ව්‍යායාම් උපකරණයක් බව පසුව මට වැටහුනා.

මට පළමුවෙන්ම Power Plate ගැන දැනගැනීමට ලැබුණේ, මම ජපන් ක්‍රීඩා විද්‍යා ආයතනයේ සේවයට ගිය අවස්ථාවේදීයි. ඔවුන් සතුව Power Plate උපකරණ 10 ක් පමණ ක්‍රීඩා ගාරයේ, පුහුණුවීම කාමරයේ, ටෙනිස් ක්‍රීඩා පථයේ සහ සෑම ක්‍රිඩා සංගමයකම තිබුණා. කුතුහලයෙන් පිරුණු මට දැනගන්නට ලැබුණේ, Power Plate වලින් ත්‍රිමාන කම්පන තරංග ආයාමක් උපදවන අතර, එම කම්පන කාර්යක්ෂම ලෙස මස් පිඬු ක්‍රියාකරවනවා
පමණක් නොව, ඒවා අංශභාග රෝගීන් පුනුරුත්ථාපනය සඳහා ත් ප්‍රශස්ත බවයි. ඊට කලින් මම හිතුවේ මස් පිඬු වර්ධනයට සහ ආබාධ වැළැක්වීමට හැකිවන්නේ බර ඉසිලීමෙන් කරන ව්‍යායාම් වලින් පමණක් බවයි.

Power Plate වල සෞඛ්‍යමය ප්‍රතිලාභ

Power Plate ඔබට ව්‍යායාම් පුහුණු කරවීම අතිශයින්ම කාර්යක්ෂමව සහ ආරක්ෂිතව කිරීමට උදවු වනවා. විශේෂයෙන්ම සිරස් චලන සහ කම්පන ඔබේ සිරුරට ඉතා වැදගත් වනවා. සිරස් චලන අස්ථි ශක්තිමත් කරනවා. ආංශික මාංශ පේශි ක්‍රියාත්මක කරවනවා. මම විශ්වාසය කරනවා විශේෂයෙන් ම, දුර්වල සහ සන්ධි ගැටළු ඇති වැඩිහිටියන් සම්බන්ධයෙන් Power Plate ප්‍රතිඵල දායක බව.

මගේ රෝගීන් Power Plate ගැන සිතන්නේ කුමක්ද?

පළමු වරට Power Plate දකින බොහෝ අය එය ප්‍රතික්ෂේප කරනවා. කලින් වතාවක මම කිව්වා වගේම ඔවුනුත් " මම හිතන්නේ නැහැ Power Plate පමණක් යොදාගැනීම ප්‍රතිඵලදායකයි කියලා" කියනවා. එවිට මම තමන්ම එය අත්හදා බලන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. පළමුව, අපි මස් පිඬු ඉහිල් කරන ව්‍යායාම් වලින් පටන් ගනිමු. මොහොතකින්, රෝගීන්ට හැකි වනවා කලින් ශරීරයයේ නැමීමට සහ දිග හැරීමට නොහැකි වූ කොටස් එසේ කිරීමට. එවිට ඔවුන් ට Power Plate කොතරම් ප්‍රතිඵල දායක දැයි කියා වැටහෙනවා. සමහර රෝගීන් කම්පන සංවේදීතාවට කැමති නැහැ. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පසුව Power Plate වෙත යොමු වනවා. අපේ සායනයේ, සෞඛ්‍ය රක්ෂණ අරමුදල් මගින් ව්‍යායාම් පුනරුත්ථාපනයට යොමු කරන ලද රෝගීන් මෙන් නොව Power Plate පාවිච්චි කරන අනිත් රෝගීන්, තමන් විසින්ම Power Plate සඳහා මුදල් ගෙවනවා. රෝගීන් බොහෝ විට Power Plate පාවිච්චි කරන්නේ ඔවුන්ගේ pilates ව්‍යායාම් වලට හෝ යෝගී ව්‍යායාම් වලට පසුවයි. සමහරවිට, ඔවුන් එය medicine balls සමඟ

සම්බන්ධ කර පාවිච්චි කරනවා. සම්බාහනය කිරීම සම්බන්ධයෙන් Power Plate වල හැකියාව විශිෂ්ටයි. එය නම්‍යතාවය සහ ශාරීරික චලනයන් සම්බන්ධයෙන් ප්‍රතිඵලදායක බලපෑමක් කර දහඩිය දැමීම වේගවත්ක රනවා. ඒ නිසා එය පුහුණුවීම ඇරැඹීමට පෙර පාවිච්චියට කදිමයි.

Power Plate අපේ සායනයේදී

අපේ පූර්ණ කාලීන භෞතචිකිත්සකවරයා සහ මම දිනපතාම සෑම රෝගීයකුගේම ශාරීරික ක්‍රියාකාරී මට්ටම වැඩිවීම නිරීක්ෂණය කලා. ඒ එක්කම Power Plate භෞතචිකිත්සාවට සම්බන්ධ කිරීමේ නව ක්‍රම පිළිබඳ ගවේෂණය කලා. Power Plate වල වැදගත් කම තේරුම් ගත් අපේ සායනයේ භෞතචිකිත්සක වරයා රෝගීන්ගේ ශාරීරික ප්‍රතිචාර නිරීක්ෂණය කරමින් ඔවුන්ට උපදෙස් දීම ඉතා වැදගත් දෙයක්.

Power Plate ගැනුම් කරුවන් වීමට

විශේෂඥ උපදෙස් සමග Power Plate වල අනාගත දියුණුව අවබෝධ කර ගැනීමට පුලුවන්. Power Plate වල කැපී පෙනෙන ලක්ෂණය නම් එයින් පමණක්ම ඔබට සම්පූර්ණ ශරීරයම සෞඛ්‍යාරක්ෂිතව තබා ගැනීමට හැකි වීමයි.

Source –   Power Plate Japaneses Case Studies.

 

අධ්‍යක්ෂක වෛද්‍ය කකුකෝ
ක්‍රීඩා වෛද්‍ය සායනය
බාහිර මහාචාර්ය
යෝකෝහාමා නගර විශ්ව විද්‍යාලය
ජපානය

 

Distributors

Singer Sri Lanka Fitness Products
softlogic sri lanka fitness products
Dinapala Group Sri Lanka Fitness Products
abans sri lanka fitness products

Online Shopping Partners

daraz sri lanka fitness products
Abans Sri Lanka
Wasi.lk Quantum Fitness Products
Quantum Fitness Orelo
takas.lk fitness products
Odel Sports Sri Lanka Treadmills
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
ovicx products in Sri Lanka
keiser bikes in Sri Lanka
Vibration Machines