image courtesy : https://www.18karatreggae.com/2017/03/08/10-foods-eating-habits-leading-cause-death/

image courtesy : https://www.18karatreggae.com/2017/03/08/10-foods-eating-habits-leading-cause-death/

  1. ඇඟිලි වල ඇට කැඩීම

ඇට කඩන විට නැඟෙන “ටක්” යන ශබ්දය ඇසෙන්නේ, ඇඟිලි සන්ධි වල චලනය පහසු කරවන සයිනෝවියල් තරලයේ (synovial fluid) බුබුලක සිහින් පිපිරුමකිනි. මේ නරක පුරුද්ද නිසා කාලයක් යනවිට සන්ධි ඉදිමීම හා අතේ ග්‍රහනය දුර්වල වීම සිදු විය හැක.

  1. නියපොතු කෑම

මෙම පුරුද්ද නිසා දත්වලට මෙන්ම නියපොතු ආශ්‍රිත සමටද හානි සිදු වේ. ඊට අමතරව ඇඟිලි වල ඇති විෂබීජ  කටට යාම නිසා ඔබ පහසුවෙන් ලෙඩ රෝග වලටද ගොදුරු වේ. මේ පුරුද්දට හේතුව ආතතිය නම්, ඔබට ශාරීරික ව්‍යායාම් වලට යොමු වීමෙන් ආතතිය අඩු කර ගැනීමට හැකි වේ.

  1. නින්ද මඟහැරීම

අපට සෞඛ්‍යය සම්පන්නව සිටීම සඳහා, දිනකට පැය 7- 8 ත් අතර නින්දක් අවශ්‍යයි. නින්ද මඟහැරීම නිසා, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග හා ආතතියට ගොදුරු වීමට අමතරව, ඉගෙනීම  සහ මතකය දුර්වල වීමද සිදු විය හැක.

  1. Ear Phone වල අධික ශබ්දය

අපගේ සාමාන්‍ය කතාබහ ඩෙසිබල් 60 ක් පමණ වේ. මේ නිසා Ear Phone භාවිතා කිරීමේදී  ශබ්දය ඩෙසිබල් 75 ට අඩුවෙන් තබා ගන්න. එක දිගට පැය දෙකකට වඩා ඒවා පැළඳගෙන සිටීම අහිතකරයි. අධික ශබ්දය නිසා කන් ඇසීම දුර්වල වීම, මොළයේ පටක වලට හානි සිදු වීම සහ, සිතීමේ ශක්තිය  දුර්වල වීමටද එය හේතු විය හැක.

  1. අන්තර්ජාලයට සහ දුරකථන වලට ඇබ්බැහි වීම

ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක සහ රූපවාහිනි තිරවලින් නිකුත්වන නිල් ආලෝකය ඔබේ නින්දට බාධාකාරී වනවාට අමතරව පිළිකා, දියවැඩියාව, හෘද රෝග සහ තරබාරු වීමට හේතු වන බව පර්යේෂණ වලින් හෙළි වී තිබේ. නින්දට පෙර පොතක් කියවීමෙන් සහ ඒ වගේම නිදන කාමරය  හැකි තරම් අඳුරු ව තබා ගැනීමෙන් ඔබට සුව පහසු නින්දක් ලබා ගත හැකි වේ.

  1. එක දිගටම වාඩිවී සිටීම

කාර්යාලයේ හෝ නිවසේදී එක දිගට බොහෝ වෙලාවක් වාඩිවී සිටීමෙන් ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩපණ වී, තරබාරු වීම සහ හෘද රෝග වලට ලක්වීම සිදුවිය හැකියි. එම නිසා පැයකට වරක් විනාඩි කිහිපයක් ඇවිදීමට පුරුදු වන්න.

  1. මත්පැන් පානය

මත්පැන් පානය නිසා වකුගඩු සහ අක්මා රෝග, ආහාර ජීර්ණය අඩපණ වීම, හෘද රෝග වගේම  අස්ථි රෝගවලටද ගොදුරු විය හැක. මත්පැන් පානය හැකි තරම් අවම කරගන්න. වඩාත් සුදුසු සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමය.

  1. අධික ආහාර අනුභවය

සෞඛ්‍යය සම්පන්න ආහාර වුවත් අධිකව අනුභව කිරීමෙන්, ඔබේ බර වැඩිවී, දියවැඩියාව, හෘද රෝග සහ  අධි රුධිර පීඩනය, පිළිකා වලට ඔබ ගොදුරු විය හැකියි. ආහාර ගන්නා විට එහි ප්‍රමාණය වගේම  අඩංගු කැලරි ප්‍රමාණය ගැනද සැළකිලිමත් වන්න. ඒ වගේම ඔබ වරින් වර ගන්නා විවිධ කෙටි කෑම වර්ග හැකි තරම් අවම කරන්න.

  1. ඉක්මනින් ආහාර අනුභව කිරීම

ඉක්මනින් ආහාර අනුභව කිරීමේදී අඩු තෘප්තියක් දැනීම නිසා ඔබ නොදැනුවත්වම වැඩි ආහාර ප්‍රමාණයක් අනුභව කිරීමට ඉඩ තිබෙනවා. ඔබ ආහාර කුඩා ප්‍රමාණයක් ගෙන හොඳින් සපා, සෙමින් කන විට, ඔබේ සිරුරට කුස පිරී ඇති බව දැනීමෙන්, අවශ්‍යය පමණට වඩා කෑම ගැනීම අඩු කරගත හැක.

  1. කඩචෝරු (Junk Food) කෑම

බෝතල් කල බීම, පේස්ට්‍රි වර්ග, රසකැවිලි, මුරුක්කු, පැටිස්, වඩේ, එළවළු රොටි, රෝල්ස් සහ කට්ලට් වැනි දේවල් පෝෂණයෙන් අඩු වුවද, කැලරි අගය ඉතා වැඩි නිසා නිතරම ආහාරයට ගැනීමෙන්, ඔබේ බර වැඩිවීම, දියවැඩියාව, හෘද රෝග, අධි කොලෙස්ටරෝල් වැනි රෝග ගණනාවකට  මුල් වේ. තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු එළවළු, පළතුරු, ඇට වර්ග සහ පූර්ණ ධාන්‍යමය ආහාර වලින් ඔබේ කුස ගින්න නිවා ගන්න.

  1. දන්ත සෞඛ්‍යය ගැන සැළකිලිමත් නොවීම

දත් මැදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, දත් අතර සුද්ද කිරීම (Floss) සහ දත් සුද්ද කිරීමද (removing  Plaque) කල යුතුයි. නැතහොත් දත් කුහර, විදුරුමස් රෝග, ආමාශ රෝග මෙන්ම හෘද රෝග, ආඝාතය වැනි බරපතල රෝග ගණනාවකට ඔබ ගොදුරු වේවි.

12 දුම් පානය

මෙම නරක පුරුද්ද පෙනහලු පිළිකා, ස්වාශනාලිකා ප්‍රදාහය (bronchitis), එම්පසීමා (emphysema), ඇදුම, දියවැඩියාව, හෘද රෝග, ආඝාතය වැනි  රෝග වලට හේතු වේ. දුම් පානය අත් හරින්න. ඒ වගේම දුම්පානය කරන අය අසලින් ඈත්ව සිටින්න.