කාලය නාස්තිවීම වළක්වා ගෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගමු 

ඔබේ ඉලක්ක හඳුනා ගන්න

Identify Your Goals

 

ඔබගේ රැකියාව සහ ගෘහ ජීවිතය යන දෙකෙහිම අරමුණු ගැන අවධානය යොමු කරන්න. ඔබට වඩා හොඳින් රැකියාව සහ ගෘහ ජීවිතය අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමට, වැඩිපුර ව්‍යායාම් කිරීමට සහ ඔබේ දරුවන්ගේ ගෙදර වැඩ සඳහා වැඩි වශයෙන් සම්බන්ධ වීමට අවශ්‍ය විය හැකිය. ඔබේ කාර්යයන් හඳුනාගත් පසු, ඒවා කොටස්වලට වෙන් කරගෙන ඔබේ ජීවිතයට ගැළපෙන ආකාරයට සකස් කරගත හැකිය. 

වැයවන කාලය හඳුනා ගන්න 

The Easiest Way To See If You'Re Spending Your Time Right | Cleverism

 

පළමුව ඔබගේ එදිනෙදා කාර්යයන් වලට කොපමණ වේලාවක් ගතවනවා දැයි වෙන් වෙන්ව සටහන් කරගන්න. උදාහරණ:- වෙළඳසැලට යාමට, ස්නානය කිරීමට, ඇදුම් සේදීමට, කෑම පිසීමට, මුළුතැන්ගෙය අස් පස් කිරීමට, ළමයින්ගේ ගෙදර වැඩට උදවු වීමට ආදී වශයෙනි. එවිට ඔබට කාලය පහසුවෙන් කළමනාකරණය කරගැනීමට හැකි වේවි.

ප්‍රමුඛතා හඳුනාගන්න 

How To Identify (And Then Do) Your Most-Important Tasks

 

පහත ආකාරයට ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරගන්න 

  • අත්‍යවශ්‍ය සහ වැදගත්
  • අත්‍යවශ්‍ය නොවන නමුත් වැදගත්
  • වැදගත් නොවන නමුත් අත්‍යවශ්‍ය
  • වැදගත් හෝ අත්‍යවශ්‍ය නොවන 

ඔබේ ඉලක්කය විය යුත්තේ “අත්‍යවශ්‍ය සහ වැදගත්” ලැයිස්තුව හැකි තරම් කෙටි කර ගැනීමයි, නැත්නම් ඒවා ගොඩගැසී ඔබට පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවේවි. ඔබට කාලය හොදින් කළමනාකරණය කර ගැනීමට පුළුවන් නම් “අත්‍යවශ්‍ය නොවන නමුත් වැදගත්” වැඩ ලැයිස්තුවෙන් බොහොමයක් සම්පූර්ණ කරගෙන සිතේ  සැහැල්ලුවෙන් සිටීමට පුළුවනි.

කාලසටහනක් සකස් කර ගන්න 

How To Make An Effective Schedule

 

එක් එක් කාර්යය සඳහා ගතවන කාලය වෙන වෙනම හඳුනාගත් පසු, කාලසටහනක් පිළියල කර ගැනීම ආරම්භ කරන්න. උදය කාලයේ වෙන් කරන්නේ කුමන කාර්යය සඳහා ද? සවස් වරුවේ කරන්නේ මොනවාද? ආදී වශයෙන් ඔබට පහසු ආකාරයට මුළු සතිය සඳහාම කාලය වෙන් කර ගන්න. එහෙත් අවශ්‍යතාවය අනුව කාලසටහන වෙනස් කිරීමට නම්‍යශීලී වන්න.

සටහන් තබාගන්න 

How To Take Notes And Study Smarter

 

ඔබේ වැඩ කාලසටහන කුඩා පොතක, නැතිනම් ලැප්ටොප් පරිගණකයේ තබාගෙන ඔබ යන විට රැගෙන යන්න. මේ සඳහා ජංගම දුරකථන ඇප් එකක් පාවිච්චි කිරීමටද පුළුවනි. හැකිනම් online Calendar එකක් පාවිච්චි කරන්න. 

අමාරුම දේ පළමුව කරන්න 

Do The Hard Things First - City Church

 

අමාරු කාර්යයන් පළමුව අවසන් කර ගන්න, එවිට ඔබට පහසු දේවල් සිතේ සැහැල්ලුවෙන් පසුව කිරීමට හැකි වේවි.

කාලය නාස්ති වන දේවල් හඳුනාගන්න  

Top Time Wasters To Avoid - Magazines - Dawn.com

 

ඔබට වැය කිරීමට සිදුවන කාලය අදාළ කාර්යය සඳහා වටිනවා දැයි සිතා බලන්න. එවිට ඔබට නොවැදගත් යැයි සිතෙන දේවල් සඳහා නාස්ති වන කාලය, වඩා වටිනා කාර්‍යයක් සඳහා යොදාගැනීමට පුළුවනි. 

හෙට කරන වැඩ අද සැලසුම් කරගන්න 

Plan Tomorrow Premium Daily Planner For Doers - Plan Tomorrow Store

 

කලින් දිනයේ නින්දට ප්‍රථම ඊළග දිනයට කිරීමට තිබෙන දේවල් ගැන සිහිපත් කරගෙන සිතින් සැලැස්මක් සාදාගන්න. 

ඔබේ වැඩ අන් අය සමඟ බෙදාගන්න

5 Steps You Can Implement To Encourage Idea Sharing At Work

 

 

ඔබේ වැඩ අන් අය සමඟ බෙදාගැනීමෙන් හා අන් අයට පැවරීමෙන් ඔබට දැනෙන පීඩනය අඩු කරගත හැක. උදා:- ඔබේ දරුවා පාසල් යැවීමට පාසල් වෑන් රථයකට පැවරීම, අන්තර්ජාලයෙන් භාණ්ඩ ඇණවුම් කර ගෙදරටම ගෙන්වා ගැනීම, බැංකු ගිණුම මගින් බිල් සහ වාරික ගෙවීම, හැකි නම් ගෙදර අන් අය ගෙන් ඔබේ වැඩ සඳහා උදව් ලබාගැනීම හෝ ඒවා ඔවුනට පවරන්න.

කාර්යයන් දෙකක් අතර ප්‍රමාණවත් ඉඩකඩක් තබා ගන්න 

10 Essential Tips To Help You Multitask | Michael Page

 

එක් කාර්යයක් අවසන් වූ වහාම, වෙනත් කාර්යයක් පටන් ගැනීමෙන් වළකින්න. වැඩ දෙකක් අතර ප්‍රමාණවත් ඉඩකඩක් වෙන්කරගෙන පොඩි විවේකයක් ලබා ගෙන වෙහෙස නිවා ගන්න. අනිත් අතට ඔබ වාහන තදබදයට හසු වීමට පුළුවනි, නැතිනම් ගෙදර හෝ කාර්යාලයේ විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් ඒ සඳහා ඔබට එසේ ඉතිරි කරගත් අතිරේක කාලය යොදාගැනීමට පුළුවනි.

එක් වරකට එක වැඩක් පමණක් කරන්න (avoid multitasking)

8 Ways To Stop Multitasking And Get Work Done – Time Management Ninja

 

එක වර වැඩ කිහිපයක් කිරීමට යෑමෙන් එකම වැඩක් වත් හරියට කරගැනීමට නොහැකි වීම බොහෝ දෙනෙකුට විඳීමට සිදුව ඇති අමිහිරි අත්දැකීමක් විය හැකිය. ඒ නිසා මනාව සැලසුම් කර, එක වැඩක් පමණක් එක වරකට කරන්න. 

වැඩ අඩක් නතරකර තව වැඩක් කිරීමෙන් වළකින්න 

Safety Meeting Topics -Step Up And Stop Unsafe Work Practices

 

ඔබ වාර්තාවක් ලියමින් සිටින අතරේ එය අඩක් නවතා, Facebook සැරිසරන විට, ඔබට ඔබේ වාර්තාවේ ඇතුළත් කිරීමට තිබෙන වැදගත් දේවල් මඟ හැරීමට පුළුවනි. ඔබ ජිම් එකේ ව්‍යායාම කරන අතර තුර, අන් අය සමඟ අනවශ්‍ය දේවල් කතා කිරීමට හෝ බැරෑරුම් සාකච්ඡා පවත්වමින් ව්‍යායාම් කිරීමට යාමෙන් ඔබේ ව්‍යායාම් සම්පූර්ණයෙන්ම අවුල් වීමට ඉඩ තිබේ.

පරිපූර්ණ කෙනෙකු වීමට උත්සාහ නොකරන්න (Stop being perfect)

Is It Necessary To Be Perfect? 7 Reasons Why You Need To Stop Being Perfect.  | By Aayushi Thakur | Medium

 

පරිපූර්ණ දේ කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න. අඩු පාඩු නැති සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකයේ කොහේවත් නැති අතර කිසිදාක සිටියේද නැති බව තේරුම් ගන්න. එමෙන්ම ඔබ යමක් කිරීමේදීත්, ඒ දේ පරිපූර්ණව කිරීමට උත්සාහ කරන්න එපා. පරිපූර්ණ දේවල් ලෝකයේ සිදුවන්නේ නැත.

එක සමාන වැඩ එකවර කරන්න (Batch similar task together)

Task Batching: What It Is, How To Do It Well

 

ඔබට එක සමාන වැඩ කිහිපයක් තිබේ නම්, ඒවා එකවර කල හැකි අන්දමට එක දිනයක හෝ එක වේලාවක කරන්න. උදාහරණ:- ඔබට කොළඹ යාමට තිබෙනවා නම්, කොළඹ දී සහ ඔබ යන මාර්ගයේ තිබෙන සියළුම වැඩ එකවර කළ හැකි අන්දමට සැලසුම් කරගන්න. 

ආහාර, විවේකය සහ ශරීරික අවශ්‍යතා අමතක කරන්න එපා

Food &Amp; Eating | Alzheimer'S Association

 

ඔබට කොපමණ කාර්යයන් තිබුණත් ආහාර ගැනීම, වැසිකිළියට යාම, වතුර බීම මෙන්ම ඔබේ විවේකයද අමතක කිරීමෙන් වළකින්න. 

මූලාශ්‍ර:- https://www.webmd.com/add-adhd/ss/slideshow-stop-wasting-time

https://www.forbes.com/sites/johnrampton/2018/05/01/manipulate-time-with-these-powerful-20-time-management-tips/#11014b4757ab

 

Distributors

Singer Sri Lanka Fitness Products
softlogic sri lanka fitness products
Dinapala Group Sri Lanka Fitness Products
abans sri lanka fitness products

Online Shopping Partners

daraz sri lanka fitness products
Abans Sri Lanka
Wasi.lk Quantum Fitness Products
Quantum Fitness Orelo
takas.lk fitness products
Odel Sports Sri Lanka Treadmills
Bigdeals.lk Fitness Products

Brands

Impulse Fitness Products in Sri Lanka
nordictrack Sri Lanka
Proform Fitness Brand
quantum fitness brand
ifit sri lanka
ovicx products in Sri Lanka
keiser bikes in Sri Lanka
Vibration Machines