_DSC1256

  • Power Plate මගින් පරිවෘත්තිය (metabolism) වේගවත් කර ගන්නා අතරම ශරීරික බර ද අඩුකර ගැනීම.

පරිවෘත්තිය (metabolism) යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔබ ලබාගන්නා ආහාර, සිරුරේ එදිනෙදා ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ශක්තිය බවට පත්කිරීමේ ක්‍රියාවලියකි. ඔබ අනුභව කරන ආහාර ප්‍රමාණය, ඔබ විසින් දහනය කරන ශක්ති ප්‍රමාණයට සමාන නම්, ඔබේ බර නොවෙනස්ව පවතී. නිශ්චල පරිවෘත්තිය (resting metabolism) යනු විවේකීව සිටින විට ඔබේ සිරුර දහනය කරන ශක්ති ප්‍රමාණයයි. ඔබ තරබාරු වන විට ඔබේ නිශ්චල පරිවෘත්තිය (resting metabolism) පහළ යයි. එවිට සිරුරේ මාංශ පේශි (muscle mass) හොඳින් තිබෙන අයෙකුට සංසන්දනාත්මකව ඔබේ සිරුර මේදය දහනය නොකර ශක්තිය දහනය කරන නිසා මාංශ පේශි (muscle mass) අඩු වෙයි. සෞඛ්‍යාරක්ෂිතව ශාරීරික බර අඩු කර ගැනීමකදී ඔබේ මාංශ පේශි (muscle mass) නොව මේදය පමණක් අඩු කරගත යුතුවන අතර පරිවෘත්තිය ද (metabolism) මනාව පවත්වාගත යුතු වේ.

 

සාමාන්‍ය බර අඩු කර ගැනීමකදී, සිරුරට දහනය කිරීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයද අඩු වන නිසා, ඔබ ලබාගත යුතු ආහාර ප්‍රමාණය මෙන්ම ඔබේ පරිවෘත්තියද (metabolism) අඩු වේ. එහෙත් කම්පන තරංග ව්‍යායාම් උපකරණවලින් (power plate) ව්‍යායාම් කරන විට ශරීරික බර අඩු වීමත් සමඟ පරිවෘත්තියද 7% කින් ඉහළ යෑමක්, 2005 දී උතුරු ඇමරිකානු ස්ථුලතා අධ්‍යයන සංගමය කරන ලද පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

 

  • සාමාන්ය බර අඩු කර ගැනීමකදී මෙන් නොව power plate මගින් බර අඩු කර ගැනීමකදී මාංශ පේශී ක්රියාකාරිත්වය වැඩි වේ.

ඔබ දහනය කරන ශක්ති ප්‍රමාණය මෙන්ම ඔබේ සිරුරේ තිබෙන මාංශ පේශි ප්‍රමාණයත්, දෛනික ක්‍රියාකාරකම් සහ ඔබ කරන ව්‍යායාම් මත තීරණය වේ. මාංශ පේශි විශාල වන විට දහනය වන ශක්ති ප්‍රමාණයද වැඩි වේ. සාමාන්‍යයෙන් දිනකදී පුද්ගලයකු භාවිතා කරන්නේ, ශරීරයේ තිබෙන මාංශ පේශි වලින් 40 – 60 % ක ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ඉහළ නංවා ගතහොත් ඔබ දහනය කරන ශක්ති ප්‍රමාණයද වැඩි කර ගත හැකිය. කම්පන තරංග උපකරණ (power plate) මගින් ව්‍යායාම් කිරීමේදී, අනිච්ජානුග පේශි සංකර්ෂණය (involuntary muscle contraction) සිදුවන බැවින් සාමාන්‍ය ව්‍යායාම් අවස්ථා වලට වඩා මාංශ පේශි ක්‍රියාකාරිත්වය වැඩිවී කැලරි දහනය ද ඉහළ යයි.

 

  • කම්පන තරංග ව්යායාම් උපකරණ (power plate) වලින් දැඩි ආයාසයකින් හෝ වෙහෙසකින් තොර තීව්ර ව්යායාම් මාලාවක් කල හැකිය.

සාමාන්‍ය ව්‍යායාම් මාලාවක් තීව්‍ර (intensity) කිරීමේදී, ශරීරික බර ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ ශාරීරික බලය (force) වැඩි කිරීමෙන් එය සිදුකල යුතු වන අතර, එවිට දැරීමට සිදුවන වෙහෙස ද සන්ධි වලට එල්ලවන පීඩනය ද වැඩි වේ. එහෙත් කම්පන තරංග ව්‍යායාම් උපකරණ (power plate) වලින් ව්‍යායාම් තීව්‍ර (intensity) කිරීම, බර ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ ශාරීරික බලය (force) වැඩි කිරීමක් නොකර පහසුවෙන් කල හැකිය.

 

  • කම්පන තරංග ව්යායාම්, බර අඩු කරගැනීමට වඩා ප්රතිඵලදායී ව්යායාම් මාලාවකි.

ඔබ වයස අවුරුදු 40 ට වඩා වැඩි ක්‍රියාශීලී අයෙකු නම්, බර ප්‍රමාණය හෝ ශරීරික බලය (force) වැඩි කිරීමෙන් කරන තීව්‍ර ව්‍යායාම් මාලාවකදී ඔබේ සිරුරේ නම්‍යශීලී බව අඩු වී ඇති බවත් සන්ධිවලට වේදනාවක් දැනෙන බවත් ඔබට දැනෙනු ඇත. ඒ නිසා ඔබට තවදුරටත් පෙර මෙන් තීව්‍ර ව්‍යායාම් මාලාවක් කල නොහැකි බව ඔබට වැටහෙනු ඇත. එහෙත් කම්පන තරංග ව්‍යායාම් උපකරණ (power plate) ඔබට පහසුවෙන් සහ ප්‍රතිඵලදායක අන්දමින් ඔබේ ඉලක්කය කරා ලඟා විය හැකි වේ.

 

source: http://www.vibrationexercise.com/4-reasons-you-will-lose-weight-with-vibration-exercise-machines/